No posts.

දසිස් රාවණ අධිරාජ්‍යයා

දසිස් රාවණ අධිරාජ්‍යයා

අංගම්කලාවේ ඉතිහාසයෙන් බිඳක්

රාවණ යුගය 2554-2517 කි.පෙ

අංගම් කලාවේ දියුණුම අවස්ථාව ලෙස රාවණ යුගය හඳුනාගත හැකිය. රාවණා රජු නිල ශාස්ත‍්‍රය පිළිබඳ විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනා කර ඇති වෛද්‍ය ග‍්‍රන්ථ තුලින්ද පැහැදිලි වෙයි. රාවණ සහ අංගම් ශාස්ත‍්‍රය අතර සම්බන්ධය කොතරම් ප‍්‍රබලද කියතහොත් අදටත් අංගම් ශිල්පීන් සටන් පුහුණු අරඹන්නේ රාවණා නිරිඳාණන් සිහි කිරිම සඳහා පහනක් පිදීමෙන් අනතුරුවය. මෙසේ අවුරුදු දහස් ගණනක් තිස්සේ ක‍්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන් කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂා කරන්නට උපරිමයෙන් දායක විය.

රාවණා රජු පිළිබඳව කිරි ඇල්ලේ ඥාන විමල හිමියන් මෙසේ පවසයි. රාමායනය නැමැති ඉන්දියානු සංස්කෘතික මහා කාව්‍යයෙහි දැක්වෙන රාවණා නම් ලංකාධිපතියා කල්පිත අධිරාජයකු නොව ක‍්‍රියාත්මක වූ පාලකයකු බව දැනට මුහුදට යටව ඇති රාවාණා කෝට්ටේ සහ වෙනත් ගවේෂණය නොකළ රාවණා ඇල්ල, සීතා එළිය, ආදී ස්ථාන පර්යේෂණයට භාජනය කිරීමෙව් දැනගත හැකි වන අතර රාවණාගේ සොහාන පවා පිරමීඩයක ආකාරයෙන් නිමවා ඇති අයුරු සොයාගත හැකිවේ යැයි.

රාවණා රජු පිළිබඳව බොහෝ දෙනා තුල ඇත්තේ සෘණාත්මක සංකල්පයකිඑහෙත් රාවණා රජු යනු ලෝක පුජිත රජ කෙනෙකි. අංගම් ශිල්පයෙන් උපරිම ඵල නෙලාගත් අයෙකු ලෙසද රාවණා රජුු හැඳින්වීය හැක. වර්තමානයේ ශූද්ධ අංගම් හදාරන්නන් රාවණා රජුට වැªම් පිදුම් කරනු ලබයි.

අංගම් කලාව සතු සියලූම කලාවන් මනාව ප‍්‍රගුන කළ මොහු ඒ පිළිබඳව ග‍්‍රන්ථ කීපයක්ද ලියා ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. එතෙක් මෙතෙක් මෙලක් දෙරණේ රාජ්‍යත්වයට පැමිණි රජවරුන් අතර අංගම් ශිල්පය ප‍්‍රගුන කල අංක එකේ අංගම් ශිල්පියා මොහුය. මොහු පමණක් නොව මොහුගේ ඇත් අස් රිය පාබල යන සියලූ යුධ සේනාංක වල හේවායන් ද අංගම් සටන් ශිල්පය ප‍්‍රගුණ කළ අය වූහ.

රාජාවලිය පවසන ලෙස රාවණා යුගය වනුයේ ක‍්‍රිස්තු පූර්ව 19 වැනි සියවසේය. එය ක‍්‍රිස්තු පූර්ව 2554 සිට 2517 අතර කාල පරාසය ව කිව හැක. රාවනා රජුගේ මරණය සිදු වූයේ කෙසේද? අපගේ සිංහල රාජ ඉතිහාසය පුරාම වරින් වර දක්නට ඇත්තේ රාජ්‍යත්වය හා බලකාමය උදෙසා පැවති පාවා දීම්ය.

ඉතිහාසය දක්වන ආකාරයට රාවණා රජතුමන්ගේ මලණුවන් වූ පිය රජතුමාගේ අන් බිසවකගේ පුත් විභීෂණ යුව රජුට සිහසුන ලබා ගැනීමේ අරමුණ පෙරදැරිව රාම කුමරු ලවා රාවණා මැරවීමේ කුමන්ත‍්‍රණයෙන් විභීෂණ ජය ගත්තේය. සොහොයුරා මරණයට පත් කල හැකි එකම ක‍්‍රමය ඔහු පමණක් දැන සිටි නිසාත්, එකී රහස් රාමාට පවසා ඔහු ලවා රාවණා රජු මරණයට පත් කළත් ඉතිහාසගතවී ඇත්තේ සීතාගේ පැහැර ගැනීම නිසා රාමාගෙන් රාවණා රජු මරණයට පත් වූ ලෙසයි.

උත්තර රාමායණයට හා පැරණි ඉන්දිය ජනප‍්‍රවාදයන්ට අනුව රාමගේ බාල සොහොයුරු ලක්ෂ්මණ සටන් කලාව හදාරා ඇත්තේ රාවණා රජු යටතේය. (රාම රාවණා යුද්ධයට පෙර) රාවණා රජු අංග ලක්ෂණ විද්‍යාවට අනුව ලක්ෂ්මණ අසත්පුරුෂයකු බව දැනගෙනම ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ශිල්ප දුන්නේ යැයි සඳහන් වේ.

රාවණ යනු භාරතයේද තම අණසක පැතිරවූ රජ කෙනෙකු බවට සඳහන් වේ. රාවණා රජුට එතරම් විශාල අධිරාජ්‍යයක් පවත්වාගෙන යාමට නම් අතිදක්ෂ යුධ හමුදාවක් අති ප‍්‍රබල සටන් කලාවක් අවශ්‍ය බව අවිවාදිතය. එය අංගම් විය යුතු බව අංගම් සටන් විය යුතුය.

තවමත් අංගම් ගුරුකුලයන්ගෙන් පැවතෙන ගුරුවරුන් කිහිප දෙනෙකු ලග පමණක් සුරැුකිව ඇති රාවණා සෙල්ලම යන අති ප‍්‍රබල වූත් භයානක වූත් ශරීරයේ මර්මස්ථානයන්ට පහර එල්ල කරනා සටන් හරඹයක් අංගම් කලාවට රාවණා රජුගේ ඇති සබඳතාවයට සාක්ෂි දරයි.

තවත් කරුණු

පාහියන් නම් චීන භික්ෂුවගේ දේශාඨන වාර්තාවන්ට අනුව එතුම නැවත චීනයට යනවිට ලංකාවෙන් ශරීරයේ මර්මස්ථාන උපයෝගී කොටගෙන ලෙඩ සුවකරනා ශාස්ත‍්‍රයක් හා සතුරන් මෙල්ල කරනා ශාස්ත‍්‍රයක් රැගෙන ගියබව සඳහන්ය

උඩරට රජ කරන ලද සෝජාත නම් සිටු අංගම්පොර ක‍්‍රිඩාව කළ බවට රාජාවලියේ සඳහන් වේ. රාජාවලිය දක්වන ආකාරයට ‘‘උඩරට රජ කරන සෝජාත සිටු රජ අවුරුදු

පතා එවන අයබදු සේවා වැඩ කරන මිනිසුන් නේවා ප‍්‍රමාද කර අංගම් පොර ඇර ඉඳිනා ව අසා (රාජාවලිය 49 පිට) ලෙස සඳහන්ය. එම පොතේම ධර්ම පරාක‍්‍රමබාහු රාජ්‍ය සමයේම උඩරට නැවත අංගම්පොර කෙළි බව සඳහන් වේ. එකල උඩරට රජ කරන රජ තෙම සිංහාසනානු ගතව පනං රත‍්‍රන් ගස්වමින් අංගම්පොර මල්ලවපොර දැක රජ කරනා අසා’’ ලෙස රාජාවලියේ විස්තර වේ. (එම 51 පිට)

දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයින් ද මෙම ශාස්ත‍්‍රයේ අති දක්ෂයින් බව කියැවේ. ඒ බව විජිතපුර සටනින් පැහැදිලි වේ.

ඉන්දියාවෙන් පැමිණි බෝධි ධර්ම නම් බෞද්ධ භික්ෂුව විසින් කුංෆූ සටන්කලාව බිහි කරන ලදැයි ෂැවොලින් (Shoaling) ආරාම ඉතිහාසයේදැක්වේ, නමුත් අපගේ පැරණි ජනප්‍රවාදයකට, අනුව (ලිඛිත සාක්ෂිද ඇත) සටනෙහි අතිදක්ෂ බෝධි ධර්මම නම් රජ කුමරෙක් බෞද්ධ සිද්ධස්ථානයන් වන්දනාව සඳහා භාරතයට ගොස් ඵ් කෙරෙහි සිත පැහැදී පැවිදිවී තවතවත් සිද්ධස්ථාන වන්දනා කරනුවස් උතුරු දෙසට පාගමනින් වඩිමින් පැරණි චීනයට සැපත් වුනේ යැයි සඳහන්වේ.

බුද්ධෝත්පත්තියට පසු කාලවකවානුවේ සිට ඈත අතීතය දක්වා ෙඓතිහාසික කරුණු පිරික්සීමේදී කලින් කල බිහිවූ අනුරපුර, පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව, කෝට්ටේ, ගම්පොල මහනුවර ආදී රාජධානිවල තම බලපරාක‍්‍රමය පතුරුවා රාජ්‍යය මෙහෙය වු සෑම නරපතියෙක්ම ස්වකීය විජයගහණය සඳහා අංගම් සටන් භාවිතා කළ බව ඒ ඉතිහාසය දෙස හැරී බැලූවහොත් පෙනීයයි.

රාවණා, පරාක‍්‍රමබාහු, වළගම්බා, දුටුගැමුණු, වැනි නරපතියන් මෙන්ම දෙවැනි රාජසිංහ මායාදුන්නේ සහ සීතාවක රාජසිංහ වැනි ප‍්‍රාදේශීය නරපතියන් ද මෙම ශිල්පයේ කෙළ පැමිණි අය විය.

මහාවංශයේ දක්වන ආකාරයට නන්දිමිත‍්‍ර යෝධයා ථුපාරාමයට අගෞරව කළ දෙමලූන් මරා පලූ කල බව පවසනු ලැබේ. (මහා වංශය 23 පරි 02-03 09-11 පිට) මෙසේ පහර දීමට එකල දරුණු සටන් ශාස්ත‍්‍රයක් වි යැයි මහාවංශයට අනුව සිතිය හැක.

මේ ආකාරයට පැරණි රාජ්‍ය සමයේ ඇරඹුණා යැයි සිතිය හැකි මෙම අංගම්පොර සටන් කලාව කෝට්ටේ යුගය වන විට සමෘද්ධිමත් භාවයේ උපරිමයට ගොස් සිටියේය. ඒ මන්ද යත් මෙම යුගය වන විට මෙම සටන් ශිල්පය අංගම්පොර නමින් හැඳින්වූ අතර සුදලිය පරම්පරාව, මරුවල්ලිය පරම්පරාව යන ආයතන හෙවත් ගුරු කුළ ද්ව්ත්වයක් විය. මෙම ශිල්ප ආයතන දෙකෙහි ශිල්පය එක හා සමාන වූ අතර ‘‘සුදලිය අංගම් ආයතන ප‍්‍රධානියා සුදලියේ පනික්ක රාළ’’ හෙවත් සුදලියේ මුහන්දිරම් නම් විය. මරුවල්ලියේ ප‍්‍රධානියා මරුවල්ලියේ මුහන්දිරම් හෙවත් මරුවල්ලියේ පනික්කි රාළ ලෙස හැඳින්වීය.

(සිංහල විශ්ව කෝෂය 16 පිට)

මෙම සටන් කලාවේ සිටි දක්ෂයන් කවරේද යන්න විමසීමේදී මල්ලවපොර පුහුණුව කෙරෙහි දක්වනුයේ "සම්මානනීය ලෙව්කේදිසාව" "කොණ්ඩ පොරකාරයා" "බෝගමුවේ රාළ" "කප්පාගොඩ රාළ" මෙම සටන් කලාවේ දක්ෂයන් වූ බවය

(විමුක්ති, 2004 අගෝස්තු 21 පිට)

රත්වත්තේ ලෙව්කේ ගලගොඩ සහ ඇරැව්වැවේ දිසාපතිවරුන් අති දක්ෂ කඩු ශිල්පීන් වශයෙන් කැපී පෙනෙන්නෝ බව සිංහල විශ්ව කෝෂය පවසනු ලැබේ.

(සිංහල විශ්ව කෝෂය 18)

එපමණක් නොව මෑත ඉතිහාසයෙන් ගෙන හැර පාන අභීත අංගම් සටන් ශිල්පීන් අතර වීර ලෙව්කේ, වීර කැප්පොටිපොළ, වීදිය බණ්ඩාර, වැනි දිසා අධිපතිවරුන් ද කුරුවිට රාළ රත්වත්තේ මායාදුන්නේ වැනි වීරවරයින් ද මෙම ශිල්පයෙන් තම උපන් බිමට උපරිම සේවයක් කළ විරෝධාර පුරුෂයන් අතරට ඉතිහාස ගතවී ඇත.

සිරිලක හිරු නොබසින අධිරාජ්‍යයේ යටත්වීම හා ලන්දේසි ආගමනයක් සමග මෙම රාජ්‍ය බි‍්‍රතාන්‍ය කිරුලට යටත් වීම සමග උඩරට සේනාංක විසුරුවා හැරීම හා පසුකාලීන අංගම් පොර හදාරන්නවුන්ට දණහිසින් පහළට වෙඩි තැබීම උදෙසා නීති ප‍්‍රාකාර සකස් කළ බව ඉතිහාසය සාක්ෂි දරයි.

(දිවයින ඉරිදා සංග‍්‍රහය 2003 අපේ‍්‍රල් 03 පිට 12)